2018 වසර සදහා ආදායම් වියදම් දක්වන යහපාලන රජයේ අයවැය යෝජනාවලිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් තිබේ.
මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් අයවැය ඉදිරිපත් කරයි.
මෙම අයවැයට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.
3.25
රැකියා 10 ලක්ෂයක් ඇති කිරිම රජයේ අපේක්ෂාවයි. ආර්ථිකයට සම්බන්ධ පැරණි පනත් සංශෝධන කරනු ඇත.අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% අයවැය හිඟය ලෙස පවත්වා ගැනීමට රජය බලාපොරොත්තු වනු ඇත.
සාප්පු හා කාර්යාල පනත සංශෝධනයෙන් සේවකයින්ට කැමති පරිදි රැකියා වේලාවෙන් තීරණය කරන්නට යෝජනා කරනවා.
3.35
හරිතකරණය අනුව වාහන භාවිතය ප්‍රවර්ධනය කරනවා.මේ අරමුණ සඳහා රජයේ සියලු වාහන 2025 වනවිට හයිබ්‍රිඩ් හෝ ඉලෙක්ට්‍රික් කරනු ඇත.
විදුලි ත්‍රීරෝද බස් ඇතුළු විදුලිබල වාහන ආනයන බදු අඩු කරනු ඇත. එන්ජින් ධාරිතාව අනුව ආනයන බදු සූත්‍රයක් හඳුන්වා දෙනවා. අවම වශයෙන් ලක්ෂ 10 කින් විදුලි වාහන අඩුවනු ඇත. අතිසුඛෝපභෝගී වාහන සඳහා ලක්ෂ 25 කින් බදු වැඩිවනු ඇත,පොඩි වාහන සිහිනය මේ අනුව සැබෑ වනු ඇත.
එන්ජින් ධාරිතාව 2500 ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහා විහේෂ බද්දක් පනවනු ඇත,ඩීසල් ත්‍රීරෝද රථ පරිසරයට හානිකර නිසා ආනයන බදු වැඩි කරනවා.
දේශීය එකල්ස් කරන වාහන සඳහාද සහන සලසනවා. දැනට ත්‍රීෙරා්ද රථ අයිති අයට බංග්ලාදේශය වැනි රටවලට විකුණන්නට අවස්ථාව සලසනු ඇත. ඒ සඳහා නැව් පහසුකම් කොන්දේසි හඳුන්වා දෙනවා.එයාර් බෑග්ස් රහිත වාහන ආනයනයට ඉඩ දෙන්නේ නැත,
ඉලෙක්ට්‍රික් බස් ලංගමයට හඳුන්වා දෙන්නට මිලියන 500 ක් මේ වසරේත් හදුන්වා දී ඇත,
චාර්ජ් කරන ස්ටේෂන් ලංකාව පුරා වැඩි කිරීමට සහන සලසනවා. කාබන් බද්දකුත් හඳන්වා දෙනු ඇත. මේ අනුව වසර 5 ක් ඇතුළත ලබාගත් මෝටර් සයිකල් කාර් බස් සඳහා සත 17,රු 1.78 ක් හා 2.74 දවසකට ගෙවිය යුතුය.
3.45
සූර්ය බලයෙන් වාහන ආරෝපනය කරන මධ්‍යස්ථාන ස්ථාපිත කිරිමට යෝජනා කරනවා.
නාගරීක ගංවතුර පාලනයට පුළුල් වැටසටහනක් ආරම්භ කරන අතර නව බහුකාර්ය කිහිපයක් යෝජනා කරයි.
සෑම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම පරිසර හිතකාමී උද්‍යානයක් ඉදිකරන අතර පුස්තකාලයක් , ශරීර සුවතා මධ්‍යස්ථානයක් ආදී අංගවලින් එම උයන සමන්විත කිරිමට නියමිතයි.
මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම් ඉවුරේ සුවිසල් කලාපයක් දැනටම ආරම්භ කර ඇති බව සඳහන්.
නාගරීක ගංවතුර පාලනයට පුළුල් වැටසටහනක් ආරම්භ කරන අතර නව බහුකාර්ය කිහිපයක් යෝජනා කරයි.
3.55
ධීවර වරායන් කිහිපයක් ප්‍රතිසංස්කරණය කිරිමට යෝජනා කෙරේ.
බහුදින ධීවර යාත්‍රා ශීතකරන සඳහා යන වියදමින් 50%ක් රජයෙන්.
අපනයන වෙළඳපොල ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර වැඩසටහන් ශක්තිමත් කළ යුතුයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම කළ යුතුයි. ඒ සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කරනවා.
වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීමට කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ වැව්වල රොන්මඩ ඉවත් කිරීමට රුපියල් මිලියන 1000ක් වෙන්කරයි. වී, බඩඉරිඟු සෝයා ඇතුළු බෝ වර්ග 6 ක වගා හානි සඳහා අක්කරයකට 40000 ක රක්ෂණාවරණයක් හඳුන්වා දෙනු ඇත.
ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කිරිමට පියවර.
ජංගම දුරකථන කුළුණු ව්‍යාපෘති අධෛර්යමත් කිරීමට
ගාස්තුවක් අය කිරිමට යෝජනාවක්.
2018 දී මීගමුව, රැකව, පුත්තලම, මඩකලපුව, නන්දිකඩාල්, මුන්දලම ආදී කලපු 10ක් සංරක්ෂණය කිරිමට පියවර.ගල්කිස්ස ,රත්මලාන වෙරළ ප්‍රතිෂ්ථාපනයට මිලියන 400ක් වෙන් කෙරේ.
කූඩු කළ සතුන් සංකල්පයෙන් බැහැරව විවෘතව සතුන්ට ජීවත්විය හැකි පරිදි දෙහිවල සත්වෝද්‍යානය සකසනවා ඇති අතර පින්නවල අලි අනාථාගාරය යළි ප්‍රතිසංස්කරණය කිරිමට පියවර ගනු ඇත. පින්නවල අලි පර්යේෂණාගාරයක් ලබාදෙනු ඇත.
4.05
මඩකලපුව දිස්ත්‍රික්කයේ ආදර්ශ ජල ජීවි උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරිමට යෝජනාවක්.
ඉතා අඩු පොලි යෝජනා ක්‍රම 8ක් හඳුන්වා දෙයි.
පෞද්ගලික අංශයේ ව්‍යාපාරිකයන්ට දිගුකාලීන ණය දීමට අලුත් බැංකුවක් ස්ථාපිත කිරිමට මිලියන දස දහසක්.
මුහුදු කූඩැල්ලන් ඇල්ලීමට සහ සැකසීමට විශේෂ මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරෙන අතර ඒ සඳහා පෞද්ගලික අංශයටද අවස්ථා ලබාදීමට පියවර ගනු ඇත.
වැවක් සහිත ගමක් වැඩසටහන තවදුරටත් අඛණ්ඩව
ක්‍රියාත්මක කිරිමට නියමිතය.
තෝරාගත් භාණ්ඩ කිහිපයකට ජාතිය ගොඩනැගීමේ බද්ධ ඉවත් කිරිමට පියවර ගනු ඇත.

Post a Comment
கருத்துரையிடுக
வாசகர்களுக்கு ஓர் அன்பான வேண்டுகோள் :
1. கட்டுரைகள் குறித்து கருத்துக்களைப் பதிவு செய்யும் போது, எவருடைய மனதையும் புண்படுத்தாத வகையில், நாகரிகமான முறையில் உங்கள் கருத்துகளை பதிவிடுங்கள்.
2. ஏற்கனவே பதிவு செய்யப்பட்ட கருத்துகளையும் விமர்சிக்கலாம். ஆனால் தனிப்பட்ட முறையில் எவரையும் விமர்சிக்காமல், கருத்துக்கள் மற்றும் ஆக்கங்களை மட்டுமே விமர்சியுங்கள்.
3. உங்களது மேலான கருத்துக்களையும், ஆலோசனைகளையும் ஆவலுடன் எதிர்பார்கிறோம்
நிமிர்வு இதழின் வளர்ச்சிக்கு நிறை - குறைகளை
சுட்டி காட்டவும். உங்கள் வருகைக்கு நன்றி.